ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ රනිල් වික‍්‍රමසිංහයි.. වහාව ජනාධිපති කොමිසමක් පත් කරන්න - නලින් බණ්ඩාර ජනාධිපතිගෙන් ඉල්ලයි

මෙරට ක‍්‍රිකට් ක‍්‍රිඩාව අද සිදුව ඇති කඩා වැටීමට වග කිව යුත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව එජාප පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නලින් බණ්ඩාර මහතා පවසයි.

ඒ නිසා ඒ ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ක‍්‍රීඩා ඇමතිවරුන් ලෙස දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාෆා සහ ක‍්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තිලංග සුමතිපාල යන මහත්වරුන් පත් කරන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බවත් ඔහු සදහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
gossip lanka