දෙවනගල පුදබිම නාම පුවරුව එජාප සංවිධායක පෝස්ටර අලවා වනසයි !

සුවිශේෂි පුරාවිද්‍යාත්මක ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැුසකින් සමන්විත මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ ඇති දෙවනගල රජමහ විහාරස්ථානයේ නාමපුවරුවේ එජාපයේ අධාරකරුවන් විසින් අරණායක එජාපයේ නව සංවිධායකවරයාගේ රුව සහිත සුභ පැතුම් පොස්ටර් අලවා ඇති අයුරු ඊයේ 17 පස්වරුවේ දක්නට ලැබුණි.
පසුගිය කාලයේදි එල්ල වු බොහෝ තාඩන පිඩන මැද මෙම ඓතිහාසික පුද බිම ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් එහි වර්තමාන විහාරාධිකාරි හිමිපාණන් වන මැදිරිගිරියේ පුණ්‍යසාර හිමිපාණන් විශාල වු උත්සාහයක නිරත වි සිටිනවා. එවැනි කාලයක මෙම ඓතිහාසික පුද බිම හදුනාගැනිම වෙනුවෙන් සකස් කර ඇති නාමපුවරුවක් මෙලෙස පොස්ටර් ඇලවිම සම්බන්ධයෙන් විහාරාධිපතියන් ඇතුලූ දායක සභාව එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

අරණායක ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් දිසානායක මහතා අරණායක එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා බවට පත් විමෙන් පසුව ඒ මහතාට සුභ පතා එජාපය විසින් සුභ පැතුම් එක් කරන ලද පොස්ටර් ප‍්‍රදර්ශනය කර තිබුණි.

එම පොස්ටර් වල ලලිත් දිසානායක මහතාගේ රුව සහිතව සුභ පැතුම් එක් කර ඇති අතර නව සංවිධායකවරයාගේ පුතණුවන් වන හිටපු පළාත් සභා මන්ත‍්‍රී චමිල දිසානායක මහතාගේ ජායාරූපයද එක් කරමින් එතුමන්ටද පාක්ෂිකයන් විසින් සුභ පැතුම් එක් කර ඇත.

– සමන් විජය බණ්ඩාර