අලූත් ජාතික ආණ්ඩුවට ශ‍්‍රීලනිප 10ක් එක්වෙයි.. දෙමල සන්ධානයත් සහාය දෙයි !

එක්සත් ජාතික පක්‍ෂය මූලික කර ගනිමින් නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානය සිය සහයෝගය දක්වනු ඇති බව වාර්තා වෙයි.
ඉන් පසු පිහිටුවන නව ජාතික ආණ්ඩුව සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 10 කට වැඩි කණ්ඩායමක් එක්වනු ඇති බවටද එක්සත් ජාතික පක්‍ෂය විශ්වාස කරයි.

ජාතික ආණ්ඩුවක කැබිනට් ඇමති පිරිස උපරිම 48ක් වන අතර සෙසු ඇමති පිරිස උපරිමය 45කි.
gossip lanka