ජාතික ආණ්ඩුවට පක්‍ෂ නායකයන් බහුතරය විරුද්ද වෙති.. එය නොතකා යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

මුස්ලිම් කොංග‍්‍රසයේ එක් මන්ත‍්‍රීවරයෙකු සමගින් එක්ව ජාතික ආණ්ඩුවක් ඇතිකිරීම සදහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්‍ෂ නායකයන් විරුද්ද වී තිබේ.

අද පැවති පක්‍ෂ නායක හමුවේදී පක්‍ෂ නායකයන් බහුතරයක් මෙම යෝජනාවට විරුද්ද වෙද්දී හෙට දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එජාපය සදහන් කර ඇත.

හෙට දිනයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පවත්වා ඡුන්ද විමසීමක් සිදු කිරීමට නියමිතය.
gossip lanka