මුලින්ම ජනාධිපතිවරණයයි.. එජාප ජය සහතිකයි - නවින්

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදි පැවැත්වෙන කිසිදු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසිය. නවින් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 380 දෙනෙකුට පාංශු සංරක්ෂණය සදහා රු ලක්ෂ 6 ක චෙක්පත් බෙදා දිමේ උත්සවය (25)  ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේ මුදල් අමාත්‍යයවරයා මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවයි.

ඉදිරියේදි මුලින්ම පවත්වන්නේ  ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට මුහුණ දිමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් බව නවින් දිසානායක මහතා කියා සිටියේය.

දුෂිතයන්ට,සොරුන්ට සහ බේබද්දන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට කථික බලය ලබාදෙන්නේ මේ රටේ ජනතාව බවත්, එ සදහා ජන්ද දායකයාට අයිතියක් තිබෙන බවත්, අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.

මේ රට තුල තේ සදහා තවදුරටත් ලෝකයේ ඉහලම පිලිගැනිමක් තිබෙන බවත්, ශ්‍රි ලංකාවෙන් අපනයනය කරන තේ වලට රසායනික ද්‍රව්‍යය මිශ්‍ර කරන තේ නිෂ්පාදකයන් කෙරෙහි තමන් දැඩි විමසිල්ලෙන් සිටින බවත්,එම තේ නිෂ්පාදකයන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නා බව අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේය.

මෙම චෙක්පත් බෙදා දිමේ අවස්තාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ