ඩුබායි නීතිය අනුව වසර 03-10 අතර සිර දඬුවම් - මධුෂ්, අමල්, රයන් ඇතුළු පිරිස ලංකාවට ගෙන ඒමේ සාකච්චා අසාර්ථකයි !

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාතාල නායක මාකදුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වෑන් රූවන් ඇතුළු සැකකරුවන් 31 දෙනෙකු තව දුරටත් රදවා තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කිරීමට ඩුබායි අධිකරණය විසින් පොලීසියට අවසර දී තිබේ.
මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලද්දේ ඩුබායිහිදී තහනම් කොකේන් මත්ද්‍ර්‍ය පානය කිරීම හේතුවෙන් වන අතර මෙම 31 දෙනොගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබූ බවට වෛද්‍යවරුන් සහතික කර තිබින. මත්ද්‍රව්‍ය ශරීරගතව නොතිබූ 09 දෙනෙකු මුදා හැර තිබින.

මත්ද‍්‍රව්‍ය චෝදනා යටතේ වරදකරුවන් වන අයට ඩුබායි නීතිය අනුව වසර 03-10 අතර සිර දඞුවමක් හිමිවෙයි.

මේ අතර වාර්තා වන්නේ මධූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සදහා ලංකා බලධාරීන් ඩුබායි බලධාරීන් සමඟ කරන ලද මේ වන තෙක් සාර්ථක වී නැති බවයි.