කම්කරු දෙපාර්තමේන්තුවේ අමුතු ගැහිල්ලක් !

සේවකයින්ගේ අර්ථසාධක අරමුදල් වෙනුවෙන් හාම්පුතුන් විසින් කම්කරු දෙපාර්තමේන්තුව වෙත දායක මුදල් නොගෙවීමේ චෝදනාවට නඩු පවරා අයකරගත් රුපියල් මිලියන 256.25 (කෝටි 25කට අධික) ක මුදලක් හිමිකරුවන්ට (සේවකයින්ට) නොදී රදවාගෙන ඇතැයි වාර්තා වේ.
මේ අයුරින් රදවාගෙන ඇත්තේ 2011 වසරේ පටන් සේවායෝජකයින්ට එරෙහිව නඩුපවරා අයකරගත් මුදල් බව හෙලිවි ඇත.

වසර 2011 පටන් 2017 දෙසැම්බර් 31දක්වා අයකරගත් මෙම මුදල් නිරවුල් නොකර කම්කරු දෙපාර්තමේන්තුවේ පොදු තැන්පත් ගිණුමේ රදවාගෙන ඇතැයි අනාවරණය වන බව විගණන දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට යැවු වාර්තාවක සදහන්ය.

රිවිර ඉරිදා පුවත්පත හිමි රිවිර මිඩියා කොපරේශන් ආයතනය හා අවසන්වරට එහි හිමිකාරත්වය කූට අයුරින් ලබාගත් රිවිර මිඩියා කන්සල්ටන් ආයතනයේ හිමිකරුවන් එහි කතෘ මණ්ඩලය හා අනෙකුත් ඒකකවල සේවකයින් දෙසියකට අධික පිරිසකට වැටුපෙන් කපා ගත් අර්ථ සාධක අරමුදල්, මාස හයක හිග වැටුප් හා වසර 12 ක පාරිතොශික මුදල් නොගෙවීම සම්බන්ධව කම්කරු දෙපාර්තමෙන්තුව වෙත සේවකයින් විසින් පැමිණිලි කර ඇතත් දේශපාලන හා මුදල් බලය හමුවේ එම පැමිණිලි යටපත් කරන බව සේවකයින් පෙන්වා දෙයි.

-srilankamirror
gossip lanka