සිංහරාජයේ මහා පරිමාන ජාන මංකොල්ලයක්...! සතුන් දහස් ගණනක් සහ අධි තාක්ෂණික උපකරන සමඟ ජාවාරම්කරුවන් කොටුවුන හැටි - (photos)

වඳවී යන සතුන් වර්ග ඇතුළුව කෘමී සතුන් සහ ශාක කොටස් දහස් ගණනක් සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙන යාමට තැත් කළ ස්ලෝවැකියානු ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් සමත් වී තිබෙනවා. මොවුන් දින තුනක කාලයක් සිංහරාජ වනාන්තරයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසළ පුද්ගලික ලැගුම්හළක නැවතී සිටිමින්, රාත්‍රී කාලයේ සිංහරාජ රක්ෂිතයට ඇතුළු වී මෙම ජාවාරම සිදු කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
මීට දින කිහිපයකට පෙර මොවුන් සිංහරාජ වනාන්තරයට ඇතුලුවීමට ප්‍රවේශපත් ලබාගැනීමේ දී මාර්ගෝපදේශකයෙකුගේ සහායද ප්‍රතික්‍ෂේප කර ඇති අතර ඒ සම්බන්‍ධයෙන් සැක සිතූ ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයේ සහ සිංහරාජ වනපාලක කාර්යාලයේ නිලධාරීන් මොවුන් පිළිබඳ විමසිලිමත්ව සිට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ

මේ වන විටත් තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සමනලුන් විශේෂ 3ක්, ගෝනුස්සන්, හැකරැල්ලන්, බඹරුන්, දෙබරුන්, කණාමැදිරියන් වැනි සතුන් දහස් ගණනක් අත්අඩංගුවට ගත් ජාවාරම් කරුවන් සතුව තිබී සොයා ගෙන ඇති බව වන සංරක්ෂණ නිළධාරීන් සදහන් කරන අතර  විවිධ බීජ වර්ග හා ශාක කොටස් විශාල ප්‍රමාණයක් ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.

මීට අමතරව සැකකරුවන් සතුව තිබී අධි තාක්ෂණික කැමරා උපකරණ, අධි තාක්ෂණික Drona යන්ත්‍ර මෙන්ම සත්ත්ව මෙන්ම ශාක බහලුම්, සතුන් නිර්වින්දන රසායනික ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.