බොරැල්ලේ ට්‍රැෆික් OIC අනතුරට ලක් කළ පොලිස් අධිකාරිගේ පුත්‍රයා අත්අඩංගුවට

ම්බලපිටිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයෙකුගේ පුත‍්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අනතුර සිදු වන අවස්ථාවේ අදාළ ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයින් හතර දෙනෙකු සිට ඇති බවයි. ඔවුන් සියලූ දෙනා කොළඹ ප‍්‍රධාන පාසලක සිසුන් බව අනාවරණ වී තිබෙනවා.

අද (24) අලූයම 4.35ට පමණ සිදුවූ මෙම අනතුරෙන් බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලැබුවා.

කොල්ලූපිටිය දෙස සිට පැමිණ ඇති ඩිෆෙන්ඩර් රථය තුම්මුල්ල දෙසට හරවන අවස්ථාවේ ආලෝක සංඥා පුවරුවේ රතු ආලෝකය දැල්වෙමින් තිබුණද එය නොතකා ධාවනය කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුරෙන් පසු පළා ගිය ඩිෆෙන්ඩර් රථය අද දහවල් සොයා ගැනුණේ බත්තරමුල්ල ප‍්‍රදේශයේ තිබියදීයි. පොලීසිය පැවසුවේ එය අංක 727, පැගෝඩා ගාර්ඞ්න්, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයේ ගාල් කර තිබූ බවයි.

සී සී ටී වී දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලින් ලද තොරතුරු මතයි ඩිෆෙන්ඩරය සොයා ගැනුණේ. පසුව එම ස්ථානයට, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ විමර්ශන සිදු කළා. මේ අතර බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේදී සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.

හේමන්ත කහවලගේ
-nethnews