gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් - විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අලුගෝසු තනතුරට අයදුම් කිරීමට ලබා දුන් කාලය අද (25) අවසන් වනවා. ඒ අනුව අදාල තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙන්නේ අද දහවල් 12 දක්වා පමණයි. කෙසේ වෙතත් අලුගෝසු තනතුරු සඳහා මෙතෙක් ලැබී ඇති අයදුම්පත්‍ර වල ගැටළු කාරී තත්වයක් නිර්මාණය වී ඇති නිසා එම තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
ඒ අනුව අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව පසුගිය ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී තිබුණා. එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් සංඛ්‍යාව 17 ක්.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka