පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති ධුරයට තනිව ඉල්ලන බව දන්වයි

මීළඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණත් එක්න ගොඩනගන සන්ධානයේ නායකත්වය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට ලබා දිය යුතු බව ද ඔහු පවසයි.

එම සන්ධානයේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු සේම ඉදිරි ජනාධිපතිවරණය සදහා එම සන්ධානයේ අපේක්ෂකත්වය ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදිය යුතු යැයිද ඔහු කියා සිටී.

එසේ නොවන්නේ නම් ‍මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධුරයට වෙනම තරග කරන බව ද ඔහු පැවසීය.
gossip lanka