ඉදිරි මාසයක දෙකක කාලයක් තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමවී සිටින අපරාධකරුවන් සඳහා එම දඬුවම ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කුමන විරෝධතා පැමිණියත් තමන් එම මරණ දඬුවම ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ශ්‍රී ලංකාවේ මත්කුඩු, මත්පෙති ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍යවල මූලස්ථානය වන්නේ වැලිකඩ බන්ධනාගාරය බව ද පැවසූ ජනාධිපතිවරයා බන්ධනාගාර ආරක්ෂාවට STF යෙදවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව කියමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට චෝදනා කළේය.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට STF යෙදවීම පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්දැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
එසේම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී ද ඊට බාධා නොකරන ලෙසත් ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ඉදිරි මාසයක් දෙකක් තුළ අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලනවා - ජනපති
2019-02-06T18:39:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|