දැන් අපේ මිනිස්සු ලෝකයටම ජංගි මහලා හොඳ මුදලකුත් උපයනවා - අගමැති

අධ්‍යාපනය ලබා දි අධ්‍යාපනය නවීකරණය කොට ඒ මගින් බිහි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ‍්‍රමය පදනම් වෙච්ච රැකියා කරන්න කියා අප කියනවාද ? නැතිනම් දැනුම පදනම් කර ගත්ත රැකියා කරන්න කියනවා ද ? අන්න එකයි මේ රටේ තියෙන ප‍්‍රධාන එක. මම බලන්නේ දැන් හොඳ රැකියා ලබා ගන්න.
සිඝ‍්‍ර ආර්ථික විපරියාසයක් කරලා ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳ පොලේ තරග කල හැකි ආර්ථිකයක් ඇති කරලා තමන්ගේ අතේ තිබෙන ආර්ථිකය දෙගුණයක් කරන්න යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ 24 පස්වරුවේ උස්සාපිටිය රිවිසඳ මහ විද්‍යාලයේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල හා උස්සාපිටිය ශ‍්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල පරිපාලන ඒකකය විදුහල්පති නිල නිවාසය විවෘත කිරිමේ උත්සවයට පැමිණ රිවිසඳ විද්‍යාලයේ ක‍්‍රිඩා පිටියේ පැවැති උත්සවයේදි අදහස් දක්වමින් පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

අද අරණායකට පැමිණිලා මෙ පාසල් වල උත්සව වලට සහභාගි විම මාගේ ප‍්‍රීතියට හේතුවක් කියලා මම කියන්න කැමැතියි. ලලිත් දිසානායක මහතා අපේ සංවිධායක වේලා මට ආරාධනා කලාම මට අරණායකට එන්න කියලා මම කිවා මම බෝගවන්තලාවේ ඉන්නේ බෝගවන්තලාවේ ඉදලා අරණායකට එන්නම් කියලා. ඒ කන්දේ ඉදලා මේ කන්දට එනවා වාගේ.
අද වාගේම ඊයෙත් ප‍්‍රීති වෙන්න තවත් හේතුවක් තිබුණා. ඒ තමයි අපේ ක‍්‍රිකට් කණ්ඩායම අයෙමත් ක‍්‍රිකට් තරගයක් දිනුවා. මෙතනින් මේක හරියන්නේ නැහැ. මෙතනින් දේශපාලනය අයින් කරලා අලූත් නිතීයක් ගෙන්න නැත්නම් අපේ පරණ තත්වයටම අපි ආය වැටෙනවා. මොකද අපේ පාසල් වල ක‍්‍රිකට් ක‍්‍රිඩාව වෙනුවෙන් අපි යොදවන්නේ යම් කිසි හේතුවක් උඩ මොකද්ද හේතුව අපිටත් ක‍්‍රිකට් වලින් අනාගයක් ලැබෙයි කියලා. මෙ සඳහා ජාතයන්තර වශයෙන් අපි වැටුනොත් එක විශාල ප‍්‍රශ්නයක්.

අනික තමයි අපේ පොලිසියේ විශේෂ සේවා අංශය ආපසු වැඩිම මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය ඊයේ ලබා ගෙන තිබනෙවා. එකත් හොඳ වැඩ පිළිවෙලතක් එකත් හොඳයි දේශාපාලනය ඉවත් කරපු නිසා. අපි ජාතික පොලිස් කොමිසොම හදලා. මෙ වැඩ කටයුත්ත 2007 දි ආරම්භ කරද්දි දැන් තමයි ප‍්‍රතිඵල එන්නේ. එකෙන් ද දේශාපනය අයින් කරන්න දේශාපලන අවශ්‍ය වන්නේ ජන්ද වලට අනිත් වේලාවේ දේශපාලනය නැතිව වැඩ කරන්නත් කාලයක් තියෙනවා. අනික රට ගැන හිතලා බලලා තමයි වැඩ කර යුත්තේ.

විශේෂයෙන් ලලිත් දිසානායක මහතාට මම ස්තුතිවන්ත වෙනවා අපි සමග එකතු විම සම්බන්ධයෙන් සුමංගල විද්‍යාලය හොඳ ප‍්‍රසිද්ධියක් ලබලා තිබෙනවා 5 වසර ශිෂ්‍යත්ව වලින් සමත් විම ගැන මෙන්ම දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එයින් බිහි කරලා තිබෙනවා.

රිවිසඳ විද්‍යාලයටත් මම ප‍්‍රසංසා කරනවා දරුවන් විසින් ඉදිරිපත් කර පිළිගැනිමේ ගීත ශිෂ්‍ය භට කණ්ඩායම් මෙම පාසල් දෙකෙහිම පෙරදිග තූර්යවාදන කණ්ඩායම් හා මෙම අවස්ථාවේ විවිධ හැකියාවන් පෙන්වනල ලද සිසු දරුවන්ට.

මම දිර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ අපි ආණ්ඩුවක් ලෙස අධ්‍යාපනයට මුල් තැන දිලා අධ්‍යාපන මුදල් වියදම් කරන්න අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කරන්න. ඇයි ඒ නවීකරණය අපි ඇති කරන්නේ අපේ කබිර් හෂිම් මැතිතුමා කුමාරතුංග මුණිදාස මැතිතුන්ගේ වචන කියවන අවස්ථාවේ මාගේ හිතට ආවේ ‘‘ ආචිතරපර සිංදුව ’’ එකත් එතුමා කියපු නිසා මට දැන් අලූතෙන් කියන්න දෙයක් නැහැ. අපේ සාහිත්‍යයෙන් හා සංගීතයෙන් එක කියලා තියෙන්නේ එක දැනන්.

අපේ සංස්කෘතියට ආර්ථිකය ගැන හිතන්න තිබුණා. අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ආර්ථිකයක් හදනවා නම් අපි ඉදිරියෙන් ඉන්න ඔනෑ. අපි එක තැන පල් වෙනවා නම් අනික් අය අපි පැත්තකට දාලා ඉදිරියට යනවා මෙකේ කාරණා දෙකක් තියෙනවා. මේ මොකක්වත් කරන්න බැරි වෙනවා. අපි අධ්‍යාපනය දියුණු කරන්නේ නැතිනම් 2015 සිට අඛිල ඇමැතිතුමාට භාර දුන්නේ අධ්‍යාපනයේ නවීකරණයක් අඩුපාඩු කම් තිබුණා අපිට මෙතන තිබුණා ගොඩනැගිලි අඩුපාඩුවක් ලගම පාසල හොඳම වැඩ සටහන වැඩ සටහන ගෙනවා අලූතෙන් ගුරුවරුන් බදවා ගත්තා. තාමත් අපි කරගෙන යනවා. තාම විද්‍යා ගුරුවරුන් මදි. විද්‍යාගුරුවරුන් අරගන්න තියනවා සුරක්ෂා වැඩ සටහන ගෙනවා. මම ලැයිස්තුවක් කියවන්න යන්නේ නැහැ. ඇයි මේ සියල්ලම කරන්නේ අපිට නවීන අධ්‍යාපනයක් මෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන්න. ඇයි නවීන අධ්‍යාපනයක් ලබලා දෙන්නේ අපි නවීන ආර්ථිකයට යන්න ඔනෑ. අපි ජිවත් වෙන්නේ ශ‍්‍රමය පදනම් කර ගත්ත ආර්ථිකයක අපි ශිල්පය පදනම් කරගෙන නැහැ. අපි දැනුම පදනම් කරගෙන නැහැ. අපි ඉල්ලන්නේ ශ‍්‍රමය සහ ශ‍්‍රමයේ වටිනාකම අපේ වැටුප් අඩුනම් අපි අතර බොහෝ දෙනෙක් ඉන්නවා ඒ ලෝකය වෙනස් වේලා තියෙන්නේ.

අපිට කාලයක් තිබුණා ඇගලූම් කර්මාන්ත වලින් හා ශ‍්‍රමය තියෙන කර්මාන්ත වලින් දියුණු වෙන්න. ඒ වේතන දිහා බලනවා නම් අද අපි දකිනවා අපිට වඩා අඩු වේතන බංගලාදේශයේ තිබෙනවා. අපිට වඩා අඩු වේතන මියන්මාර්යේ තිබෙනවා. අපිට වඩා අඩු වේතන කම්බෝජියාවේ තිබෙනවා. අපිට වඩා අඩු වේතන වියට්නාමයේ තිබෙනවා. අපි ඒ රට වල සමග තරග කරන්න අපේ වේතන අඩු කරනවා ද අපිට ඒක කරන්න බැහැ අපේ කර්මාන්ත ශාලා වලට අපේ සංචාරක ව්‍යාපාරයට වේතන අඩු කලොත් මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. එහෙමනම් මොකද්ද විකල්පය එකයි අපි මතක තියා ගත යුත්තේ අපේ එකම විකල්පය වන්නේ අපේ ශ‍්‍රමය පදනම් වු ආර්ථිකයකයෙන් ශිල්ප දැනුම පදනම් වෙච්ච ආර්ථිකයකට තාක්ෂණ දැනුම පදනම් වෙච්ච ආර්ථිකයකට පරිවර්තනය වෙන්න. එකයි මේ අධ්‍යාපනය ක‍්‍රමයට අපි මුල් තැන දිලා තියෙන්නේ එත් අධ්‍යාපනයට මුල් තැන දිලා පමණක් මේ ප‍්‍රශ්නය විසදෙන්නේ නැහැ. ඒ හා සමාන අලූත් ව්‍යාපාර කර්මාන්ත අපි ලබා ගන්න ඔනෑ. ශිල්ප දැනුම ලබා ගත යුතුයි. ඒ සියල්ල කිරිමට අපිට විදේශ ආයෝජනය වුවමනා කරනවා.



අපි බැලූවොත් ආසියාවේ දියුණු රටවල් ජපානය ලෝක වෙළෙඳ පොලට ගිහින් දියුණු වුනා. දකුණු කොරියාව ලෝක වෙළෙඳ පොලට ගිහින් දියුණු වුනා. උතුරු කොරියාව උතුරු වෙළෙඳ පොලේ සිට වැටිලා තිබෙන්නේ අද ආහාර නැතිව තියෙන්නේ චිනය එදා දුප්පත් රටත් ලෝක වෙළෙඳ පොලට ගියා දියුණු වුනා. වියට් නාමය යුද්ධයක් කරලා වැටිලා තිබුණු රටක් අද ලෝක වෙළෙඳ පොලට ගිහින් නැතිනම් විශේෂයෙන් ඇමරිකා වෙළෙඳ පොලට ගිහින් පොහොසත් වුනා. සිංගප්පුරුව ලෝක වෙළෙඳ පොලට ගිහින් පොහොසත් වේලා. මැලෙසියාව ලෝක වෙළෙඳ පොලට ගිහින් පොහොසත් වේලා. තායිලන්තය ලෝක වෙළෙඳ පොලට ගිහින් පොහොසත් වුනා. අපි මොකද්ද කරන්නේ අපි දේශිය වෙළෙඳ පොලේ හිර වෙනවාද ? විදේශිය වෙළෙඳ පොලට ගිහින් පොහොසත් වෙනවාද ? මොකද තමන්ගේ කැමැත්ත. පොහොසත් වෙන්නද මෙහෙම ඉන්නද ?

මෝටර් බයිසිකලයේ තියෙන කෙනා වාහානයක් ගන්නද ? නැත්නම් මෝටර් සයිකලය තියෙන කෙනා බයිසිකලයක් ගන්නද ? අන්න එකයි තිබෙන විකල්පය මොකද්ද කරන්න වුවමනා ‘‘ සභාවෙන් කෙනෙක් කාර් එකක් ගන්න කියා මහ හඩින් පැවසීය ’’ එකනේ තනි තට්ටුවක ගෙදරක් තියෙන කෙනෙක් තට්ටු දෙකක් කරනාවද පැල්පතකට යනවාද ? අන්න ඔවා තමයි අපේ ජිවිතයේ බලන්න තියෙන්නේ අතේ මුදල් තියෙනවා නම් ඔනෑම දෙයක් කරන්න පුළුවන්. අතේ මුදල් නැතිනම් හිර වෙනවා. කොහොමද අපි මෙතනට අවේ ඇයි අපිට සංචාරක ව්‍යාපාරයක් තියෙන්නේ අපිට ඇවිත් ඔය ඉන්ටර් කොන්ටෙනල්, ඔබරෝයි කියාල ලොකු හෝටල් දැම්මා දැන් ඒ හෝටෙල් වැඩක් නැහැ දැන් අපේ මිනිස්සු ගිහින් ඉගෙන ගෙන ඒවා එක්ක තරග කරනවා. අපේ මිනිස්සු ගිහින් මාලදිවයිනේ තරග කරනවා. ඉන්දියාවේ හෝටෙල් දානවා. මැද පෙරදිග හෝටෙල් දානවා.

එදා අපි විදේශ ආයෝජකයන් ගෙනවා ඇගලූම් කර්මාන්තය කරන්න. අපි ගෙනත් ස්ටාර් ගාමන්ට් වාගේ දේවල් පටන්ගත්තාට පස්සේ මොකද සමහර අය කිවේ අපි ජංගී මහන්න සුද්දෝ ගෙනවා කිවා. දැන් අපේ මිනිස්සු ජංගි මහනවා ලෝකයට හොඳ මුදලකුත් අර ගන්නවා. දැන් ලංකාවේ විතරක් නොවෙයි බංගලාදේශයේ පවා කර්මාන්ත ශාලා තිබෙනවා. මැද පෙරදිග කර්මාන්ත ශාලා තිබෙනවා. ඉතියෝපියාවේ කර්මාන්ත ශාලා තිබෙනවා. සී සර්ස් වල කර්මාන්ත ශාලා තිබෙනාව දැන් මීයන්මාර් වලට යන්න හදනවා. මේ වැඩ අපේ අය ඉගෙන ගත්තා කාලයක් ගියාට පස්සේ ඒ අත්දැකිම් දැනුම ලබා ගත්තාට පස්සේ අපිටත් පුළුවන් එක තමයි තොරතුරු තාක්ෂණය ගෙන්නේ එත් අපි මතක තියා ගන්න ඔනෑ මේ අධ්‍යාපනය ලබා දිලා නවීකරණය කරලා එතනින් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මොකද්ද අපි කරන්නේ ශ‍්‍රමය පදනම් වෙච්ච රැුකියා කරන්න කියනවා ද ? දැනුම පදනම් කර ගත්ත රැුකියා කරන්න කියනවා ද ? අන්න එකයි මේ රටේ තියෙන ප‍්‍රධාන එක. මම බලන්නේ දැන් හොඳ රැුකියා ලබා ගන්න. සිඝ‍්‍ර ආර්ථික විපරියාසයක් කරලා ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳ පොලේ තරග කල හැකි ආර්ථිකයක් ඇති කරලා තමන්ගේ අතේ තිබෙන ආර්ථිකය දෙගුණයක් කරන්න තමයි මිළග අවුරුදු කිහිපයේදි බලාපොරොත්තුව කියලා මම කියන්න කැමැතියි. ඒවා කොළඹට සීමා වෙන්න ඔනෑ නැහැ

මලීත් සමරවීර ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුරයේ අපනයක කරුවන්ගේ රැුස්විමක් පෙරේදා තිබුණා එතනදි මට හමු වුනා නාලක මෙනලි මම දන්නේ නැහැ මොනවාද කරන්නේ කියලා එක් එක් පලා වර්ග දැන් පොළොන්නරුවේ හා අනුරාධපුරයේ සිට පිටරට යවනවා. ඒ අතර විශේෂ හාල් වර්ග අපි හිතන්නේ නැති පැති සමහර අය කුඩා කර්මාන්ත කරනවා. මෙ විදිහට විවිධ වෘත්තින් වලින් නිපුණත්වය දක්වා ඒ ඔස්සේ වෙළෙදාම් සිදු කර ඩොලර් 5000 ක් එක් අයෙක් හොයා ගත්තොත් තමන්ගේ වෙළෙඳ පොල හොයා ගෙන ඉදිරියට යනවා.

මෙ අරණයාක සංචාරක කර්මාන්තයට හොඳ ප‍්‍රදේශයක් දැරණියගල බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ අරණාය ප‍්‍රදේශය අපි මධ්‍යම අධිවේග මාර්ගය එක්ක මෙහෙත් ඒ දියුණුව ගෙන්න ඔනෑ. එක අපි ඇති කර යුතුයි. දැන් එක වැඩ කටයුත්තක් ආර්මිභ කලා අධ්‍යාපනය නවීකරණය දැන් ඒ ශක්තිය ඔනෑ ආර්ථිකය නවීකරණය කරන්න. ආර්ථීක නවිකරණය මගින් තමන්ගේ ආර්ථිකය තවත් වැඩි වෙනවා. ජේ. ආර් ජනපතිතුමා විවෘත ආර්ථිකයක් අපිට ලබා දුන්නේ නැතිනම් අපි කොහෙද ඉන්නේ එච්චරයි මට අහන්න තියෙන්නේ ජංගම දුරකථනයක් තියෙවිද ? මෙ රට දියුණු කරන්න අපේ ව්‍යාපාර ශක්තිමත් කරන්න අපි ලෝකයට යන්න ඔනෑ ලෝකය සමග තරග කරලා ලෝකය අල්ලා ගත යුතුයි. මම විශේෂයෙන් සතුටු වෙනවා අනාගතයේ දවසක පාසලට කරන උදව් ගැන කියන්නම් ඒ වාගේම මම අධ්‍යාපන ඇමැතිතුමාට කියන්නම් විශේෂ අවදානයක් මෙ පැත්තට යොමු කරන්න කියලා යැයි පැවසිය.

– සමන් විජය බණ්ඩාර