gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ පොලිස් කතාවට ශ්‍රීලනිපයට රිදිලා !

එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පොලිස් විෂය භාරව කටයුතු කළ වසර කිහිපය තුළ සිදුකිරීමට නොහැකි වූ දේවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකින් සිදුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ඔවුන් මේ බව පැවසූයේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ජනාධිපතිවරයා පොලිස් විෂය භාර අමාත්‍යවරයා ලෙස පොලීසියට නායකත්වය ලබාදුන්දා සිට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකෙරෙන බවත්, ඔහු පොලීසියට නිසි ලෙස නායකත්වය ලබාදෙමින් අදාළ කටයුතු සිදුකළද, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම හේතුවෙන් එය සිදුවන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සඳහන් කරන බවත් නිදහස් පක්ෂය මෙහිදී පවසා සිටියේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පොලිසිය ඇතුළු ස්වාධීන කොමිසන් සභා පත් කිරීම හේතුවෙන් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (25) ප්‍රකාශ කළේය. ඒ, බුලත්සිංහල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka