රන්ජන්ට HIV (ඒඩ්ස්) රුධිර පරීක්‍ෂාවක් !

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන කැබිනට් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සිටින බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් පැවසීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටී. එම පක්‍ෂය විසින් මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා කොකේන් කමිටුවක්ද පත් කර ඇති අතර එහි එහි සභාපතිත්වය සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් දරයි.

අදාල ප‍්‍රකාශය ගැන ඇමති රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ රංජන් රාමනායක මහතා කලින් කලට විවිධ ප්‍රකාශ කරන බවත් මේ සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණකට මෙන්ම ඒඩ්ස් සදහා වු පරීක්‍ෂණයක්ද කල යුතු බවයි.

එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරන්නේ රන්ජන් රාමනායක මහතා පොදුවේ කරන ලද මෙම චෝදනාව අසාධාරණ බැවින් කොකේන් ගහන බවට ඔහු දන්නා පුද්ගලයන් නම් කළයුතු බවයි. එමෙන්ම ඒඩ්ස් පරීක්ෂණයක්ද කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.

වාර්තාවන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අතිබහුතරයක් රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරමින් සිටියද රාමනායක මහතා සිය මුල් ස්ථාවරයේ නොවෙනස්ව සිටී.