"රන්ජන් නිසා මුළු එජාපයම කුඩුකාරයන් වෙලා" - එජාප මැති ඇමති වරුන්ගෙන් රන්ජන්ට දැඩි විරෝධය

පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරුන් කුඩුකාරයන් යයි රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විසින් පැවසීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ ජේෂ්ඨයන් කිහිපදෙනෙකු විසින් පක්ෂ නායකත්වයත් දැනුවත් කර ඇති අතර නුදුරේදීම රංජන් රාමනායක මහතා කැඳවා අවවාද කරනු ඇතැයි වාර්ථාවේ.

එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම රංජන් රාමනායක මහතාට දුරකථනයෙන් අමතා දැඩි දෝෂ දර්ශනයට ලක්කර ඇතැයිද වාර්ථාවේ.

පොදුවේ සියලු දෙනාටම කුඩුකාරයන් යයි චෝදනා නොකර තොරතුරු ඇත්නම් නම් ගම් සහිතව හෙළි කරන ලෙසයි.

නොඑසේ නම් එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා කුඩුකාරයන් ලෙස හංවඩු ගැසෙමින් ඇතැයිද ඔවුන් පෙන්වා දී තිබේ.

මේ අතර තවත් එජාප මැති පිරිස් ප්‍රසිද්ධියේ සඳහන් කරමින් සිටින්නේ තමන් කුඩුකාරයන් නොවන බවත් කුඩුකාරයන් කවුදැයි රංජන් රාමනායක නියෝජ්‍ය ඇමති වරයාගෙන් අසා දැන ගන්නා ලෙසත්ය.