දැරියකට අතවර කිරීමේ චෝදනා එල්ලවූ මන්ත්‍රී ක්‍රිශාන්ත ට අධිකරණයෙන් අද ලැබුනු නියෝගය මෙන්න

දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං ඇප මත මුදා හැර තිබෙනවා. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ සැකකාර මන්ත්‍රීවරයාව රුපියල් 25,000 ක් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

පසුගිය 23 වනදා අක්මීමන - බටදූව ප්‍රදේශයේ දේවාලයකදී 16 හැවිරිදි දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර, නීතීඥවරයෙකු මාර්ගයෙන් අක්මීමන පොලීසියට භාරවීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරයාව අද පෙරවරුවේ අත්අඩංගුවට ගැණුනේ.

නඩුව වැඩිදුර විභාග සදහා අප්‍රේල් මස 30 වනදා දක්වා කල් තැබුණා.