රේගුවට කෝටි 4 ක් බදු වංචා කරමින් බීඩි කොළ ගෙනා සැකකරු රිමාන්ඞ්

රේගුවට රු. කෝටි 04 ක බදු වංචාවක් සිදු කරමින් බීඩි කොළ තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් ඇප පිට මුදාහැර සිටි නුර්දීන් ෆයිසල් අහමඞ් නමැත්තා යළි රිමාන්ඞ් භාරයට පත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ (18 දා) නියෝග කළේය. ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා විසින් ඔහුට යළිත් නියම කර තිබූ ඇපය ද ඊයේ අවලංගු කරන ලදී.
නීති විෙරෝධී ලෙස සැකකරු මෙරටට ගෙන් වූ කන්ටේනරයක බීඩි කොළ ටොන් 17 ක් තිබී ඇත. ඔහු එම කන්ටේනරය ගෙන්වා ඇත්තේ ඉකුත් දෙසැම්බර් මස 03 දා ය. බීඩි කොළ තොගයේ වටිනාකම රු. කෝටි 05 කි. සැකකරු රේගුවට පවසා ඇත්තේ කන්ටේනරයේ ඇත්තේ තවත් රටකට යැවීමට ගෙනා නිමි ඇඳුම් බවයි. එසේ රේගුවට වංචාකර නිදහස් කරගත් කන්ටේනරය රේගුවට ලැබුණ තොරතුරකට අනුව වත්තලදී අත්අඩංගුවට ගෙන ඇත.

වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඒවා ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන බව හඟවා ඉන්දියාවට අපනයනය කිරීමේ හොර ජාවාරමේ ප‍්‍රධාන සැකකරු බීඩි කොළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයා බව ද රේගුවට හෙළි වී ඇත.

සරත් ධර්මසේන