ICC විසින් සනත් ජයසුරිය වරදකරු කෙරේ.. ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනම් කරයි !

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසුරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර දෙකක ක‍්‍රිකට් තහනමක් පනවා ඇත.

ජයසූරියට එල්ල වූ චෝදනාවන්ට වරද පිලිගැනීම නිසා මෙම දඬුවම නියම කල බව කවුන්සිලය කියයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ මර්දන ඒකකය විසින් මෙම චෝදනාව එල්ල කරන ලද්දේ ජයසූරිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිව සිටියදී එල්ල වූ චෝදනාවන් සම්බන්ධයෙන් කරන විමර්ෂණ සදහා සහාය නොදුන් බව කියමිනි.

දඬුවම් කාල සීමාවේදී ජයසූරියට ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම, පුහුණු කිරීම, තනතුරක් දැරීම මෙන්ම නිල උත්සවවලට සහභාගි වීමද තහනම්ය.

කෙසේ වෙතත් ජයසුරිය ට්විටර් පණිවුඩයකින් කියා තිබුනේ තමනට එල්ල වී ඇත්තේ පරීක්‍ෂණයකට සහාය නොදීමේ චෝදනා මිස තරග පාවා දීමේ චෝදනා නොවන බවයි.