හොරු අල්ලන බුලට් එකක් සිංගප්පූරු තානාපති ලෙස ජනපති නම් කරයි !

කලක් තිස්සේ පුරප්පාඩු වී පවතින ඇමරිකා එක්සත් ජනපදයේ සහ සිංගප්පූරුව යන රටවල්වලට ශ‍්‍රී ලංකා තානාපතිවරුන් සඳහා ජනාධිපතිවරයා විසින් නම්කර කියවන ලද පුද්ගලයන් පත්කිරීම විදේශ කටයුතු අමාත්‍යංශය විසින් දිගින් දිගටම මඟ හරින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපති කාර්යාලයට තොරතුරු වාර්තා වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් සිංගප්පූරුව සදහා නම් කරන ලද පුද්ගලයා පත් කිරීමට අගමැතිවරයා විසින් දැඩි විරෝධයක් දක්වන බවයි.
ජනාධිපතිවරයා පවසා ඇත්තේ අපරාධකරුවන් ඇල්ලීම සදහා විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු තමන් සිංගප්පූරුව සදහා නම් කර යවා ඇතත් විදේශ අමාත්‍යංශය මෙතෙක් එම පත්වීම් සිදු කර නැති බවයි.

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් ප‍්‍රධාන චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් මෙරටින් පලාගොස් සැගව සිටින්නේ සිංගප්පූරුවේ නිසා මෙම බාධාකිරීම සිදුවන බවට ජනාධිපති කාර්යාලය විශ්වාස කරයි.