"අපි අනාථ වුණා.. අපිව ශ‍්‍රීලනිපයට ගන්නකෝ.." - එජාපට පැන ගිය ශ‍්‍රීලනිප රොත්ත ජනපති දෙපාමුල වැද වැටේ !

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට මෑතකදී එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසෙන් වැඩි දෙනෙකු නැවතත් ශ‍්‍රීලනිපයට එක්වීම සදහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලමින් සිටින බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔවුන් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා අවස්ථා කිහිපයකදීම වේලාව ඉල්ලා සිටිද ජනාධිපතිවරයා එම ඉල්ලීම් කිසිදු තැකීමක් කර නැත.

ආණ්ඩුවට ගියද ජනාධිපතිවරයා විසින් කැබිනට් ඇමති ධුර නොදීමත් ජාකින ආණ්ඩු යෝජනාව අසාර්ථක වීමත් මත ඔවුන් නැවත ශ‍්‍රීලනිපයට එක්වීමට තීරණය කර ඇතැයි සදහන්ය.

පසුගිය දින කිහිපයේදී මෙම පිරිස දුරකතනය ඔස්සේද ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇතත් ඊටද ජනාධිපතිවරයා සම්බන්ධ වී නැතැයිද වාර්තා වෙයි.

මේ තත්වය මත ඉදිරි මැතිවරණය තරග කිරීම සම්බන්ධයෙන් එම පිරිස බලවත් ගැටළුකාරී තත්වයකට පත්ව සිටී.