gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරු ආණ්ඩුකාර සුරේෂ් රාඝවන්ට කොකේන් මත්ද‍්‍රව්‍ය චෝදනා !

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඔ. 01


ජනාධිපතිතුමනි,

උතුරේ ආණ්ඩුකාරවරයා සම්බන්ධව.

උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස ඔබ විසින් පත් කල සුරේන් රාඝවන් නැමැත්තා මේ වන විට දැඩි ජාතිවාදී ස්වරෑපයකින් කටයුතු කරමින් රජය විසින් ඉදිරියට ගෙන යනු ලබන සංහිදියාවට දැඩි ලෙස බාධා කරමින් සිටීම පිළිබදව ඔබ තුමාගේ අවධානය යොමු කරන්නේ කාරුණිකවය.

සුරේන් රාඝුවාන් යන අය ඔබතුමා විසින් හදුනාගනු ලබන්නේ ඔබගේ හිතවතෙකු මාර්ගයෙන් වුවද අප විසින් ඔහුව හදුනාගෙන බොහෝ කල්ය. කොළඔ රාත්‍රී  සමාජ ශාලා වල හා විවිධ ස්ථානවල මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඔහු ගත කල ජීවිතය පිළිබදව නිවරදිව සොයා බැලීම ඔබගේ බුද්ධි අංශවලට භාර කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි.

පොලීසියට පොලිස් කොස්තාපල්වරයෙක් බදවා ගන්නා විට පවා බුද්ධි වාර්තා කැදවන රටක ඔබතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස හා උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පුද්ගලයෙකු පත්කරන විට නිසි සොයා බැලීමක් නොකිරීම විශාල අඩු පාඩුවක් ලෙස අප සංවිධානය දකී.තවත් බාබුලා බිහිකිරීම අපගේ මෙන්ම ඔබගේද අපේක්ෂාව නොවන බව අප දනිමු.

කෙසේ වෙතත් අප සංවිධානයේ උපදේශකයෙකු ලෙස ඔහු කළක් සේවය කල අතර ඔහුගේ අනිසි හැසිරීම හා දැඩි ජාතීවාදි ස්වරෑපය නිසා ඔහුව ඉන් ඉවත් කිරීමට අපට සිදුවිය. අප සංවිධානය විසින් ඉවත් කල පුද්ගලයෙකු ඔබ විසින් උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට තරම් ඔබතුමා දේශපාලනය වශයෙන් බංකොලොත් වී නොමැති බව අපගේ විශ්වාසයයි.

උතුරේ බුදු පිළිම ඉවත් කිරීමට උත්සහ කිරීම  වැනි සංවේදී කටයුතු සිදු කිරීමට ඔහු ගන්නා ලද උත්සහය ව්‍යාප්ත කිරීමට හා ඒ පිළිබදව සමාජයේ අවධානය වෙනතකට යොමු කිරීමට මෙරට මාධ්‍යවේදීන් කටයුතු නොකරානම් නැවතත් උතුර ගිණි ගැනීමට ඉඩ තිබුණි.

අප සංවිධානය ඔබතුමා ගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස ඔබතුමා  විසින් පත්කල සුරේන් රඝුවාන් ඉතා ඉක්මනින් එම තනතුරෙන් ඉවත් කරන ලෙස හා ඔහුගේ හැසිරීම අනුව අප විසින් සැක කරන බැවින් ඔහු කොකේන් හෝ වෙනත් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙකුද යන්න සොයා බැලීම සදහා රුධිර පරීක්ෂණයක් සිදු කිරීමට ඔහුට උපදෙස් දෙන ලෙසයි.

ස්තුතිය්
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka