ආණ්ඩුවේ ගමන නිමයි..? අයවැයට සහය දෙන්න දෙමල සන්ධානය මාරාන්තික කොන්දේසියක් දමයි !

ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කරනු ලබන අයවැය සම්මත කිරීමට සහයෝගය ලබා දීම සදහා දෙමල ජාතික සන්ධානය තීරණාත්මක කොන්දේසියක් පල කර ඇත.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සදහා වන යෝජනාවට එජාපය සහය දිය යුතු බවයි.

ඔහු මෙම අදහස් පල කලේ චාවකච්චෙරිහිදී දෙමළ සන්ධාන හිටපු උතුරු පළාත්සභා මන්ත්‍රී හමුවකදීය.

මේ තත්වය මත ආණ්ඩුවට අයවැය සම්මත කිරීමට අවශ්‍ය බහුතර බලය පාර්ලිමේන්තුවේ ලබා ගැනීම ඉතාමත් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.