'මධුෂ්ලාට උපරිම දඬුවම් දිය යුතුයි.. මං බේරාගන්නේ නෑ..' - ඩුබායි ගිය උදුල් දැන් කියන කතාව මෙන්න

ඩුබායි අත්අඩංගුවේ පසුවන අමල් පෙරේරා හා ඔහුගේ පුතු වෙනුවෙන් නීතිමය මැදිහත්වීම් සිදු කිරීම සදහා එහි ගොස් සිටින නීතිඥ උදුල් පේ‍්‍රමරත්න සදහන් කරන්නේ මාකදුරේ මධුෂ්ට අපරිම දඬුවම් ලබා දිය යුතු බවත් ඔහු බේරා ගැනීමට තමන් උත්සාහ නොකරන බවත්ය.

මේ බව සදහන් කරමින් සිය ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
“මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා. ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න. එපමණයි.
ලංකාවේ ඉන්න සමහර ගෝතයො වගේ “ඔබට මධූෂ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇඹරෙන්නේ නැහැ. උඹ හොදටම දන්නව ඒක..

මට මධූෂ් හමුවී තිබේ පමණක් නොව ඔහු සමග අඩි 6යි10යේ එකම කාමරයේ එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා. ඒ කොයි කාලෙද , කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොළඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.

ඇත්තටම ගත්තොත් අමල් අඳුරනවට වඩා වැඩි කාලයක් මම මධූෂ් අදුරනවා.මට හොඳටම පුලුවන්කම තිබුණා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මධූෂ් ගලවන්න සම්බන්ද වෙන්න. නමුත් මම හිතනව එහෙම කළ යුතු නැහැ කියලා. මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කළ යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ. මම කරන්නෙත් නැහැ. උපරිම දඩුව්ම් දිය යුතුමයි.“

– udul premrathne FB