එජාපය හදන නව ජාතික ආණ්ඩුව ව්‍යවස්ථානුකූලයි.. ඒ නිසා උසාවි ගිහින් වැඩක් නෑ - ජවිපෙ

එක්සත් ජාතින පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සෑදීමට උත්සාහ කරන්නේ තනි මන්ත‍්‍රීවරයෙක් පමණක් සිටින ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම කටයුත්ත මහ ලැජ්ජ නැති වැඩක් යයිද ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සදහන් කරයි.
කෙසේ නමුත් ඒ ආකාරයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ව්‍යවස්ථානුකූල නිසා ඊට එරෙහිව අධිකරණයට ගොස් වැඩක් නැතැයිද පවසන මන්ත‍්‍රීවරයා ව්‍යවස්ථාවේ එවන් වාක්‍යයක් ඇති නිසා නව ජාතික ආණ්ඩුව ව්‍යවස්ථාවට පටහැනි නැතිය කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.