ස්වර්ණවාහිනී ඇතුළු ඊ.ඒ.පී. ජාලය කොටි සල්ලිවලින් මිලට ගනී !

ස්වරණවාහිනී නාලිකාව ඇතුළත් ඊඒපී ජාලය මේ වන විට ලයිකා මොබයිල් හරහා කොටි ඩයස්පෝරාව අතට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඕනෑම අයෙකුට විදේශ මුදල් ගෙන යාමටත් ගෙන ඒමටත් හැකිවන සේ විදේශ මුදල් පනත සංශෝධනය කිරීම හරහා මෙම ගණුදෙනුව සිදුව ඇතැයිද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.