එජාප පසුපෙළ පසුබසි - ජනාධිපති වැය ශීර්ෂයට සහය

ජනාධිපති වැය ශීර්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සහය ලබා දෙන බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීම පිළිබඳව විවිධ අදහස් තිබුණද පක්ෂයක් ලෙස එවැනි තීරණයක් ගෙන නැති බව කී මහලේකම්වරයා, ජනාධිපති වැය ශිර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහය පලකරනු ඇතැයිද සඳහන් කළේය.

ජනාධිපති වැය ශීර්ෂය පරාජයට පත්කළහොත් කැබිනට් මණ්ඩලයට ගෙදර යාමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පෙරේදා (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනතුරු අඟවා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති වැය ශීර්ෂය පරාජයට පත්කරන බවට සඳහන් කරමින් සිටින බවත්, එහෙත් මෙවර වැඩිම ඡන්දයෙන් සම්මත වෙන්නේ ජනාධිපති වැය ශීර්ෂය බවද ඔහු එහිදී කියා සිටියේය.

වැය ශීර්ෂය පරාජයට පත්වූවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඉන්පසුව අලුතින් කැබිනට් මණ්ඩලයක් හා අගමැතිවරයෙක් පත්කිරීමට සිදුවන බවද ඔහු පැවසිය.

gossip lanka