ලාල් කාන්ත බීමතින් අත්අඩංගුවට ගන්න පෙර අනුර දිසානායක කියු කතාව

මේ රටේ බලයට පැමිණි නායකයින් ජන්දය ලබාගැනිමේදි ජනතාවට ලබාදුන් පොරොන්දු බලයට පැමිණිමෙන් පසු ඉටු කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පා.ම අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (01) වටවල ටෙම්පල්ස්ට්‍රෝ වතු යායේ පැවති රැස්විමක් අමතමිණි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් වතුකරයේ ජනතාවගේ ගැටළු සොයා බැලිම සදහා සංවිධානය කර තිබු මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ වසර 70 ක් තුල  මේ රටේ බලයට පැමිණි පාලකයින් සහ වත් මන් පාලකයින්ද බලයට පැමිණිමට පෙර ජනතාවට පොරොන්දු වු කිසිවක් මේ වන තෙක් ඉටු කර නොමැති බවයි.

තවදුරටත් ඔහුන් බලය ලබාගෙන රටේ ජනතාවගේ මුදල් සොරා ගැනිමට කටයුතු කරන බවත්, එම යුගය අවසන් කල යුතු කාලය එළඹ ඇති බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

මේ රටේ ගොවියා, ධිවරයා සහ වතු කම්කරුවන් දැඩි පිඩාවට පත්ව සිටින බවත්, මින් වතු කම්කරුවන් දැඩි පිඩාවට ගත්ව සිටින ජනතාවක් බවද අනුර කුමාර දිසානායක මහතා කියයි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අත්සන් කල අවබෝධතා ගිවිසුම තුලින් වතුකරයේ ජනතාවව වතුකරය නියෝජනය කරන දමිල දේශපාලඥයන් විසින් පවා දි ඇති බවද අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ