හා හා හොරේ දැණුනා හරීන් !

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික මහා ක්‍රීඩා උළෙල බදුල්ලට ගෙනයාමට උත්සාහ කිරීම හේතුවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ බරපතල නොසන්සුන්තා මතුව ඇතැයි වාර්තා වේ.

මීට පෙර මේ ක්‍රීඩා උළෙල නැගෙනහිර පළාතට අයත් අම්පාර හෝ මඩකළපුව යන දිස්ත්‍රික් දෙකෙන් එකක පැවැත්වීමට සැළසුම්කර තිබුණි.

එම ප්‍රදේශවල නවාතැන් පහසුකම් පිළිබඳව ප්‍රශ්නයක් මතු වී ඇතැයි කියමින් ඇමතිවරයා මෙය බදුල්ලට ගෙනයාමට සැරසෙන බව පැවසේ.

ජාතික මහා ක්‍රීඩා උළෙල අවසන්වරට බදුල්ලේ පවත්වා ඇත්තේ 2004 වසරේදීය. මෙවර එය බදුල්ලේ පැවැත්වුවහොත් එම ක්‍රීඩා උළෙල එහි පැවැත්වෙන්නේ වසර 15කට පසුවය.

කෙසේවුවද, නැගෙනහිර අවසන් වරට ජාතික මහා ක්‍රීඩා උළෙලක් පවත්වා ඇත්තේ 1976 වසරේදී වන අතර ඒ වසර 43කට පෙරය.

මේ අතර මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලෙන් කඹඇදීම, හැන්ඩ්බෝල් සහ තුන්ප්‍රයාම යන ක්‍රීඩා ඉවත්කිරීමට සංවිධායකයන් පියවර ගැනීම පිළිබඳවද මේ වනවිට කථාබහක් නිර්මාණය වී තිබේ.

කඹ ඇදීමේ ක්‍රීව තවදුරටත් ජනප්‍රි කිරීමට මිලියන ගණනක් වැය කරමින් ක්‍රීඩා සමාජවලට කඹ ලබාදී ඇති පසුබිමක් තුළ ජාතික මහා ක්‍රීඩා උළෙලෙන් ඉවත්කිරීම පිළිබඳව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කථාබහක් නිර්මාණ වී තිබේ.

ඔහොම යං !

පෙර සිටි ක්‍රීඩා අමාත්‍යවරුන් සේම හරීන්ද සිය අමාත්‍ය බලය ඡන්දගොඩ වැඩිකර ගැනීමට පාවිච්චිකරමින් සිටින බවට මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

ඒ ඇමති හරීන්ගෙ බල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් වන බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයට මෙරට ප්‍රධාන ක්‍රීඩා සංගමයක් හරහා එය සංවර්ධනයට රුපියල් මිලියන පහකට ආසන්න මුදලක් ලබා ගැනීමට කටයුතු කිරීම නිසාය.

දකුණු අසියානු ක්‍රීඩා උළෙල නේපාලයේදී ලබන දෙසැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ ජාතික ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස පවත්වා අවසන් කිරීමේ අවශ්‍යතාවක් ද මේවන විට පැනනැගී ඇතැයි වාර්තා වේ.

එම ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 27 ක් ඇතුළත් වන අතර එයට විස්සයි 20 ක්‍රිකට්ද ඇතුළත්ව තිබේ.

13 වැනි ‘සාග්’ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සහ සංචිත ගතකිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් ලබන සතියේ ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමට නියමිතය.
- srilankamirror