මධුෂ් සොරාගත් කෝටි 700 නිල් දියමන්තිය සොයාගනී !

මාකදුරේ මධුෂ්ගේ කණ්ඩායමක් විසින් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු ගෙන් සොරාගන්නා ලද කෝටි 700ක් පමණ යටිනා නිල් දියමන්තිය සොයාගෙන තිබේ.

පොලිසිය විසින් කරන ලද විශේෂ මෙහෙයුමකින් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී මැනික අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම මෙහෙයුම සිදුකර තිබේ.

මාකදුරේ මධුෂ්ගේ සැලසුමක් අනුව පසුගිය නොවැම්බර් 05 වැනිදා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් ව්‍යාපාරිකයගෙ නිවසට පැන නිල් දියමන්තියක් පැහැරගෙන ගොස් තිබුණි.

දියමන්තිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකඳුරේ මදූෂ්ගේ ගෝලයෙකුගේ නිවසේ තිබී වන අතර ඔහුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් මිලියන 15ක මුදල් ද සමඟිනි.