"පක්‍ෂ වුනොත් කෝටි 10යි.. ගෙදර නවතින්න කෝටි 05යි" - අයවැය දිනවන්න සල්ලි කදු සොලවයි.. ගණුදෙනු සිංගප්පරුවේදී !

පාර්ලිමේන්තු හමුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීම සදහා මන්ත‍්‍රීවරුන් පොලඹවා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැලකීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුටම යෝජනා කෙරී ඇතැයි සදහන්ය.

මෙම යෝජනාවන් පසුපස හිටපු ප‍්‍රබල දේශපාලකවරියක් සිටින අතර ඇය විසින් දැනටමත් කිහිප දෙනෙකුටම සෘජුව මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

මේ අතර වෙනත් ආරංචි මාර්ගයකින් වාර්තා වන්නේ අයවැය ඡන්දයෙන් වැලකී සිටීම සදහා කෝටි 05ක් අයවැයට පක්‍ෂ වීම සදහා කෝටි 10ක් මුල් යටයේදී යෝජනා වී ඇති බවයි.

සියළු ගණුදෙනු සිංගප්පුරුවේදී හෝ ඩුබයිහිදී සිදුකිරීමටද යෝජනා වී ඇත.

මහ බැංකු බැදුම්කර මගඩියට සෘජු චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් මගුල් ගෙදරක යන බව කියා දැනට වසර දෙකකට පමණ පෙර මෙරටින් පලා ගොස් සිංගප්පූරුවේ සැගව සිටින බවට තොරතුරු වාර්තා විය.