ඥාණසාර හිමි හෙට නිදහස්..? හිමියන්ගේ උපන් දිනයද හෙටයි !

වසර 06ක සිර දඬුවම් නියම කර බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෙට දිනයේ නිදහස් වනු ඇති බව සමා ජාලාවන්හි වාර්තා පල වෙයි. ජනාධිපතිවරයාගේ සමාජ ජාලා සම්බන්ධීකාරකයෙක් වන කවින්ද ගමගේද සිය ෆේස්බුක් ගිණුමේ මේ බව සදහන් කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් කල විමසීමකදී කියා සිටියේ එවන් කිසිදු සූදානමක් නැති බවයි.

බොදු බල සේනා සංවිධානයද සදහන් කලේ ඥාණසාර හිමි නිදහස් කිරීමකට අදාල කිසිදු ලිඛිත කටයුත්තක් මේ වන තෙක් සිදුව නැති බවය.

හෙට දිනයේ ඥාණසාර හිමියන්ගේ උපන් දිනය යෙදී ඇතැයිද බොදු බල සේනා ප‍්‍රතාශකයා කියා සිටියේය.