ගෝඨාභය මුල් වරට දේශපාලන වේදිකාවේ.. සිකුරාදා මහනුවර පොහොට්ටු මහ රැලියේ !

ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙම සිකුරාදා දිනයේ මුල්වරට දේශපාලන වේදිකාවට ගොඩවීමට නියමිතව ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව 08 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහනුවර නගරයේ සංවිධානය කරන මහජන රැළියේ වේදිකාවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගොඩවීමට නියමිතව තිබේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් පවත්වනු ලබන මෙම රැලිය සදහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාද සහභාගී වනු ඇති බවටද වාර්තා වෙයි.

මෙම රැුළියෙන් අනතුරුව 26 වැනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදීද මෙවැනිම රැළියක් පැවැත්වීමට නියමිතය.