gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ වැය ශීර්ෂ පරාජය කිරීමට පනහක හැටක පිරිසක් ඉන්නවා - එජාප පසුපෙළ

2019 අයවැයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂ පරාජයට පත් කිරීම සඳහා දැනට මැති ඇමතිවරුන් පනහක - හැටක පමණ සංඛ්‍යාවක් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයේ හැර අනෙකුත් සියළුම වැය ශීර්ෂ පරාජය කිරීමට තමන් කටයුතු කරන බවයි එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අවධාරණය කළේ.

මුලදී තමන් දහ පහළොස් දෙනෙකු එක්වී මෙම ආරම්භ කිරීමට කටයුතු කළත් දැන් පනහක - හැටක පිරිසක් මේ සඳහා පෙළගැසී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා ඇමතිවරුන් පිරිසකගේ සහයෝගය ද ලැබී ඇති බවයි හේෂා විතානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka