කහ ඉර මතදී කාන්තාවක් අනතුරට ලක් කෙරු සංගීතඥ ජනනාත් වරකාගොඩ රක්ෂිත බන්ධනාගාරයට

මාරක රිය අනතුරක් හේතුවෙන් ප්‍රසිද්ධ සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මේ මස 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කරනු ලැබුවා. ඒ අද අළුයම 5.30 ට පමණ ජනනාත වරකාගොඩ පදවන ලද  වාහනය මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරට ලක් කිරීම හේතුවෙන්.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 62 හැවිරිදි කාන්තාව රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර පසුව ජනනාත් වරකාගොඩ කඩවත පොලිසිය විසින් මහර අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.