විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම : ජවිපෙ - ටී.එන්.ඒ සාකච්ඡා අද !

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (11 දා) ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡුා කිරීමට නියමිතය. මෙම සාකච්ඡාව අද සවස 2.00ට බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්කි පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන අතර ඊට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු සහභාගී වෙති.

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡුා පැවැත්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් සමග ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබ`ද සාකච්ඡා කරන බව ජවිපෙ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ රවුෆ් හකීම් මහතා ඇතුළු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග ද, මනෝ ගනේෂන් මහතා ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පක්ෂය සමඟ ද, රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමඟ ද, ආරුමුගම් තොන්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසය සමඟ ද පලනි දිගම්බරන් මහතා ඇතුළු ජාතික කම්කරු සංගමය සමඟ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව ජවිපෙ විසින් පාර්ලිිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සාකච්ඡුා කරන බව නලින්ද ජයතිස්ස මහතා කීවේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය සතියේ සාකච්ඡුා කළ ආකාරයටම අයවැය අවසන් වර ඡුන්දය විමසීමට පෙර පාර්ලිමේන්තුවේ සියලූම පක්ෂ සමග මේ පිළිබඳ සාකච්ඡුා කර අවසන් කරන බව ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවැසුවේය.

අජිත් අලහකෝන්
දිවයින