2019 ජනපතිවරණය: ඩලස්ගේ කමිටුවෙන් 'පොහොට්ටුවේ' අපේක්ෂකයෙක් !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු බවත් ඊට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා මේ වනවිට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මහතා පවසයි.
මේ වනවිටත් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ බහුතරයකගේ මතය වී ඇත්තේද ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් විය යුතු යන්න බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

පුළුල් සන්ධානයේ වැඩි බලයක් පොදුජන පෙරමුණට හිමිවිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරු ලෙස ශ්‍රී ලනිපයෙන් පසුගිය ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කළා සේම මෙවර ගොඩනැඟෙන නව පුළුල් සන්ධානයේ අපේක්ෂකයා තේරීමේ කටයුත්ත පොදුජන පෙරමුණට භාරවන බවත් ඔහු පැවසිය.