ජවිපෙ සහයෙන් මහින්ද යලිත් මීලග ජනාධිපතිවරණයට - වෙල්ගම හෙලි කරයි

ඉදිරි ජනාධිපතිවරණවයට මහින්ද රාජපක්‍ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේද සහයෝගයෙන් ඉදිරිපත් වනු දැකීම තම බලාපොරොත්තුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මිනිසුන් අතුරුදහස් කරවන, මිනී මරණ පුද්ගලයෙකුට තම සහයෝගය කිසිසේතම හිමි නොවන බවත් වෙල්ගම මහතා සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරවීමට මෙතෙක් තීරණය කර නැති බවත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ගේ පක්‍ෂවලින් වලින් එවන් තීරණක් ගෙන ඇත්දැයි තමන් නොදන්නා බවත් ඔහු කියා සිටියේය.