"එංගලන්තය ගෙනා නව ජිනීවා යෝජනාවෙන් ලංකාවට ප‍්‍රසංශා.. එය වෙනස් නොකල යුතුයි.. සම අනුග‍්‍රහය දක්වනවා" - කිරිඇල්ල

මානව මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාව ප‍්‍රසංශාවට ලක් කර තිබෙන බවත් ඒ යෝජනාව වෙනස් කිරීමට කටයුතු කිරීමට උත්සාහයක් නොගැනීමට වග බලා ගත යුතු බවත් රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාව පිළිබදව ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති වැය ශීර්ෂය අතරතුර පැවති පාර්ලිමේන්තු සාකච්ඡව අතරතුරය.

මෙහිදි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

‘ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රහය දක්වමින් මානව හිමිකම් කවුන්සිලය මගින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මම පසුගිය දවස්වල දුටුවා පාර්ලිමේන්තුවේ මේ යෝජනාව සම්බන්ධයෙන් විවිධ මත ප‍්‍රකාශ වෙනවා.ඒ් වගේම මෙම යෝජනාව ලංකාවට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනාවක් වශයෙන් හඳුන්වා දී තිබෙනවා.මම කැමතියි මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කිරීමට.මෙම යෝජනාව මගින් ලංකාවේ ආණ්ඩුව ප‍්‍රසංශාවට ලක් කර තිබෙනව’

මාධ්‍ය ඒකකය
රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය