ලාල්කාන්ත ජවිපෙන් නෙරපන්නෙ නෑ : බේරගන්න මොසමක් ගේනවා

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප මත මුදාගැනීම වෙනුවෙන් කඩිනමින් මෝසමක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියයි. රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාලව ලාල්කාන්ත මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් ඔහු පක්ෂයෙන් නෙරපීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුනු සියල්ල අසත්‍යය බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

 ලාල්කාන්ත මහතා අතින් රියඅනතුරක් සිදුව ඇති බවත්, කෙසේවුවද ඔහු එහිදී පලා නොගිය බවත්, ඔහු පොලිසියට බාරවූ බවත් එසේම රිය අනතුරක් සිදුවූ පසුව මේ රටේ නීතියට අනුව එම කරුණ අධිකරණයෙන් අවසන් කරගතයුතු බවත්, ඒ අනුව අධිකරණය මේවන විට තීන්දුවක් දී ඇති බවත් ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.
පක්ෂය ඇතුළේ ප්‍රශ්න පක්ෂය තුළ බලා ගන්නා බවත්, වෙබ් අඩවි හෝ පොලිස් මාධය ප්‍රකාශකවරයා සඳහන් කරන කරුණු පක්ෂයට අදාල නොවන බවද ඔහු කියා සිටියේය.
gossip lanka