විමල්ගේ විරෝධය මැද කල මහින්ද-ජවිපෙ සාකච්චාවේදී සිදු වූ දේ මෙන්න

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප‍්‍රතිපත්තියක් ලෙස එකග නමුත් 13 වන සංශෝධනය, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමද ඒ සමගම කල යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ  ජනතා විමුක්ති පෙරමුණ සමග පැවති සාකච්චාවේදී සදහන් කර ඇත.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් එම සාකච්චාවේදී සැලකිය යුතු අවධානයක් යොමු කර නැත.

මෙම සාකච්චාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා මාධ්‍ය වෙත කියා සිටියේ සාකච්චාව මූලික පදනමක් ලෙස සාර්ථක බවයි.

සාකච්චාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ ඊයේ  සාකච්චා වූ දේ ඒකාබද්ද විපක්‍ෂයට වාර්තා කර කණ්ඩායමක් ලෙස තීන්දුවක් ගන්නා බවයි.

කෙසේ වෙතත් මෙම සාකච්චා සම්බන්ධයෙන් යම් විරෝධයක් මතුකල විමල් වීරවංශ පාර්ශවයත් එම විරෝධය මැද සාකච්චා සදහා සහභාගී වූ ජවිපෙ පාර්ශවයත් යන දෙපාර්ශවම අමනාප කර නොගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කර සිටීම විශේෂත්වයකි.

සාකච්චාව සදහා ජවිපෙ වෙනුවෙන් ලාල් කාන්ත මහතා සහභාගී වීමට නියමිතව සිටියද බීමතින් රියපදවා අනතුරක් කිරීමේ වරදට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටීම හේතුවෙන් ඔහු ඊට සහභාගී නොවීය.