දින 51 අගමැතිකම නිසා මට වුනේ අවාසියක් - මහින්ද

ඔක්තොම්බර් 26 වන දින සිට දින 51ක් තිස්සේ තමන් විසින් අගමැති ධුරය දරමින් ආණ්ඩු කිරීමේදී තමනට සිදු වූ අවාසිය වැඩි බව හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නමුත් එම කාලයේදී රටට වාසි අත් වූ බවත් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

රටට වාසි වන්නේ නම් තමනට අවාසි වුවද ප‍්‍රශණයක් නැතැයි යන ස්ථාවරයේ තමන් සැමදා සිටින බවද ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේ පැවති ව්‍යාපාරික හමුවක් අමතමිනි.