මීලග ජනාධිපති අපෙක්‍ෂකයා පොහොට්ටුව ලකුණින් පමණයි.. වෙන කිසිවෙකු නොවේ..- රටම ඇසූ පැනයට මහින්ද උත්තර දෙයි - (video)

මීලග ජනාධිපතිවරණය සදහා තම පාර්ශවයේ අපේක්‍ෂකයා ඉදිරිපත් වන්නේ පොහොට්ටුව ලකුණ යටතේ බව හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ උඩවලව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාද මීට පෙර කිහිප අවස්ථාවකදීම පවසන ලද්දේ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පොහොට්ටුව ලකුණින් බවත් දෙසැම්බර් 09 වැනිදා ඔහු මෙරට ජනාධිපති වනු ඇති බවත්ය.

කෙසේ වෙතත් එම අපේක්‍ෂකයා කවුදැයි හෙලි නොකිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා පරිස්සම් විය.
gossip lanka