අයවැය පරද්දන්න බැරි වුනේ ජනාධිපති කල වැඩේ නිසා – මහින්ද කෙලින්ම කියයි

පාර්ලිමේන්තුව තුල අයවැය යෝජනාවලිය පරාජය කිරීමට තිබූ අවස්ථාව ජනාධිපතිවරයාගේ කණ්ඩායම විසින් නැති කර දැමූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. නමුත් ජනාධිපතිවරයාගේ තීන්දුව නොසලකා ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටුගම, ශ‍්‍රියානි විජේවික‍්‍රම යන සිවු දෙනා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කිරීම ගැන තමන් සතුටු වන බවත රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාතලේ ප‍්‍රාදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
gossip lanka