ජනපතිගේ තීරණයට මහින්දගේ විවේචන

අයවැය දෙවැනි වර තියැවීමේ ඡන්ද විමසීමේදී සිදු වූ කණගාටුදායකම සිදුවීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ඡන්දය නොදී සිටීම බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම අයවැය යෝජනාවලිය භයානක එකක් බවත් ඒ බව ජනතාවට ඉදිරියේදී දැනෙනු ඇති බවත් ඔහු සදහන් කරයි.


උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත අයවැයට ඡන්දය දීමෙන් වැලකී සිටි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සදහන් කර ඇත.