එදා මහින්දගේ රෙදි ගලවන්න හැදු අනුර දිසානායක අද රනිල්ට සේලයින් දෙන්න මහින්දගේ උදවු ඉල්ලනවා - මහින්දානන්ද

මහින්ද රාජපක්ෂ මහතාගේ රෙදි ගලවන්ඩ උත්සහ කරමින් මහින්ද රාජපක්ෂ මහතාට දැඩි අපවාද  කිවු  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලග වැද වැනෙ බව මහනුවර දිස්ත්‍රික් ප.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ අද (01) පවැති කල එලි මංගල්‍යයට සහභාගි විමෙන් අනතුරව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ විධායක ජනාධිපති බලතල අඩුකර අගමැති බලතල වැඩි කිරිමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබාගෙන එත්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යලිත් මේ රටේ බලතල ඇති අගමැතිවරයෙකු වශයෙන් පත් කිරිමට අනුර කුමාර දිසානායක මහතා උත්සහ කරන බවයි.

එයට කිසිසේත් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉඩ ලබා නොදෙන බවත්, අනුර කුමාර දිසානායක මහතා  උත්සහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ