ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් - ජනපති

මේ වසර අවසන්වීමට පෙර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (06) මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

දුර්වල පාර්ලිමේන්තුවක් පැවැතීමෙන් සෘජු තීරණ ගැනීමේ අපහසුතාවක් ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

බක්මහ දිවුරුම

මත්ද්‍රව්‍ය වැටලීම පොලිසිය සිදු කරන්නේ ඒවා හදුනා ගැනීමේ තාක්ෂණික උපකරණ පවා නොමැතිව අසීරුවෙන් බවත්, එවැනි අධි තාක්ෂණික උපකරණ ගෙනඒමට මේවන විට ඇමරිකාවෙන් අනවුම්කර ඇතැයිද ජනපතිවරයා කීය.

එම උපකරණ ඇනවුම්කර මේවන විට මසක් ගතවී ඇත් බවද ඔහු පැවසීය.

“බක් මහ දිවුරුම" නමින් ලබන අප්පෙුල්  03 වැනිදා සියලුම පාසල් හා රාජ්‍ය ආයතන කේන්ද්‍ර කරගනිමින් දිවුරුමක් සිදු කිරීමට සැලැසුම් කර ඇතැයි ද ජනාධිපතිවරයා සදහන් කළේය.

එම උත්සවය විනාඩි 35කින් අවසන් බවද ඔහු කීය.