කුඩුකාරයන් එල්ලා මරණ දවස තීරණය කර අවසන් - ජනාධිපති

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන දින දැනටමත් තීරණය කර අවසන් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නමුත් එම දිනය කවදාදැයි ප‍්‍රසිද්ද කල නොහැකි යයිද ඒ මහතා සදහන් කලේය.

මාධ්‍ය ප‍්‍රධානීන් සමගින් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්චාවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

මරණ දඬුවම එපා යයි කෑගසන සංවිධානවලට මෙරටට පැමිණ මත්ද‍්‍රව්‍යවලින් වී ඇති හානිය දැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.