විධායකය අහෝසි කරන්න මහින්ද මහතා එකගවුණා.. විමල් ගම්මන්පිල එක්ව මහින්ද මහතාගේ ප‍්‍රතිරූපය විනාශ කරන්න හදනවා - ජවිපෙ

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි තුන් හතර දෙනෙක් එක් වී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිරූපය විනාශ කර ඔහු ඒකාධිපතියෙක් යයි හංවඩු ගැසීමට උත්සාහ කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා එකග වී ඇති බවත් ඊට විමල් ගම්මන්පිල වැනි දේශපාලඥයන් බාදා කරමින් ඇති බවත්ය.

ලැබී ඇති මෙම අවස්ථාව පැහැර නොහරින ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.

ඇඹිළිපිටියේදී පැවති ජවිපෙ විරෝධතාවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.