අයවැය ඡන්ද විමසීම අදයි.. දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් අතුරුදහන්.. සුළුතර ආණ්ඩුවේ හිස ගිනිගනී.. සුමන්තිරන් හා එක්ව හදිසි මෙහෙයුම්

2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

පෙබරවාරි 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය දෙවන වර කියවීම අද දිනයේ අවසන් වන අතර කාරක සභා අවස්ථාවේ විවාදය හෙට දිනයේ සිට ආරම්භ වෙයි.

අවසානයේ අප්‍රෙල් මස 05 වැනිදා තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙයි.

මේ අතර වාර්තා වන්නේ අද දිනයේ දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මේ සදහා පුද්ගලිකවය මැදිහත් වී සිටින්නේ යයිද වාර්තා වෙයි.

දෙමල සන්ධානයේ මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකුම අයවැයට විරුද්ද වීම හෝ වර්ජනය කිරීම සුදුසු යයි දන්වා ඇති අතර ඇතැම් මන්ත‍්‍රීවරුන් අද දිනයේද උතුරේ සිටින බවත් වාර්තා වෙයි. සමහර දෙමල සන්දාන මන්ත‍්‍රීවරුන් සිය දුරකතන පවා විසන්ධි කර දමා ඇති අතර ඔවුන් සොයා මේ වන විටත් පණිවිඩකරුවන් යවා ඇත.

දෙමල ජාතික සන්ධානයේ සහයෝගය නොලදහොත් පාර්ලිමේන්තුව තුල එජාප ආණ්ඩුවට 113 බහුතර බලය නැත.
gossip lanka